Wednesday, January 25, 2017

කැහුටා Vs බතලයා



පසුගිය ලිපි පෙල කියවල මට messages  එවල තිබ්බ ප්‍රශ්න වලට උත්තර දීලම අපේ අනිත් මාතෘකාවට යන්න හිතුවා..

1.කෑවට මහත් වෙන්නෙ නෑ..කෑම පාලනය කලාට කෙට්ටු වෙන්නෙ නෑ..ඒ ඇයි..?

ඒක වෙන්නෙ energy balance කරන විදියට.මෙහෙම හිතන්නකො ටැoකියකට වතුර එන බටයක් හා පිට වෙන බටයක් තියෙන්වනෙ..පිටවෙන බටය ලොකු නම් වතුර ඉතිරි වෙන්නෙ නෑනෙ ටැoකියෙ.වතුර පිට වෙන බටය පොඩි නම් ටැoකියෙ වතුර එකතු වෙනවා..ඒ වගේ තමයි weight එක gain කර ගන්න ඕනි අය තමන් වැය කරන calorie ප්‍රමානයට වඩා energy ගන්න ඕනි.ඒකට කියනවා possitive energy balance කියල. කෙට්ටු වෙන්න ඕනි අය වැය කරන ප්‍රමානයට වඩා අඩුවෙන් calorie ගන්න ඕනි. ඒකට කියනව negative energy balance කියලා.(පලවෙනි ලිපිය හා සම්බන්ධයි)

ඒක මo පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..

අපේ ඇග ශක්තිය භාවිතා කරන ආකාර 3 ක් තියෙනවා..

1 Basal metabolic rate
2 Thermic effect on food (ආහාර වල thermic effect)
3 කායික ක්‍රියාකාරකම්

Basal metabolic rate කියන්නෙ අපිට ජීවත් වෙන්න විවේකී අවස්තාවන් වලදි ඕන ශක්තිය ප්‍රමානයට..අපිට හුස්ම ගන්න,සෙල වර්ධනයට,ශරීර උෂ්නත්ව පාලනයට,රුධිර සoසරනය වගේ දේවල් වලට ඕනි කරන ශක්තිය මේකට අයත්.

දැන් බලමු ආහාර වල thermic effect කියන්නෙ මොකක්ද කියලා.
අපි කන කෑම ආමාෂයට ගිහින් එතන ටිකක් ජීර්නය වෙන්වා.ඊලගට යනව කුඩා බඩවැලට (කුඩා අන්ත්‍රයට)..එතෙනදි ජීර්නයට අමතරව අවශෝෂනය(උරා ගැනීම) වෙනවා. අන්න ඒ ක්‍රියාවලට ඕන ශක්තිය තමයි ආහාර වල thermic effect කියන්නෙ.මේක ආහාරය අනුව වෙනස්. ප්‍රෝටීන් කෑම එකක් නම් කැවෙ thermic effect වැඩියි..තෙරෙන සිoහලෙන් කියනව නම් protein ජීර්නය කරන්න වැඩි ශක්තියක් වැය වෙනව (100 g protein වලට 20-30 kcal burn කරන්න වෙනව)
ඒක නිසා තමයි අපේ කොල්ලො කෙල්ලොන්ගෙ හිත protein වලට මෙච්චර දුවන්නෙ.. (මමද ඇතුලුව)
කායික ක්‍රියාකාරකම් වලට වැය වෙන ශක්තිය ගැන නම් ඔක්කොම දන්නව ඇති..දුවන්න පනින්න නටන්න ගයන්න ශක්තිය තමයි ඕනි.

හ්ම්ම් එහෙනම් මේ ටික හිතේ තියා ගන්න.
   
* නිතරම ඔබගෙ ක්‍රියාකාරී මට්ටමට අනුව පමණක් පෝෂක ලබා ගන්න ඕනි. Carbස් විශේෂයි. මොකද අපි වැඩියෙන් ගන්න Carbs තමයි Fat හැටියට තැන්පත් වෙන්නේ.

* පොඩි පොඩි කෑම වේල් පහක් ගන්න. බඩ පිරෙන්න කන්න එපා. එහෙම කෑවම අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වෙලා, insulin spike එක ඉහල ගොස් Fat හැටියට Deposit වීම වැඩි වෙන්ව.එතකොට බඩ නෙරල එල්ලා වැටෙනව.
                                         
* මේදය අධිකව ගන්න එපා.ගන්න ඕනි monounsaturated fatty acid හා polyunsaturated fatty acid තියන තෙල්.ඒවා මo කලින් ලිපියෙ කියල ඇති. මේව තියන්වද කියල ඔබ ගන්න තෙල් බෝතලෙ අනිවාර්‍යෙන් print කරල තියෙනව.

පාට පාට කෑම මේසෙ ඉතිරි කොටස් සමග නැවත හමුවෙමු.
එතෙක් ඔබට නිරෝගිමත් දිවියක්..

මතු සම්බන්ධයි..

No comments:

Post a Comment