Saturday, December 31, 2016

03 කිරි බෝතලය

කලින් මාතෘකාව ජිම් එක අද කිරි බෝතලය..කෙනෙක්ට හිතෙන්න පුලුවන් මොකක්ද මේ දෙකේ සම්බන්දෙ කියලා..

සාමාන්‍යයෙන් කිරි බෝතලයකින් බොන්නෙ අවුරුදු 2 දක්වා වූ ළදරුවන් තමයි..මව් කිරි බීම දරුවකුගේ පෝෂණය වගේම ප්‍රතිශක්තිය ඉහල නැoවීමටත් උපකාරී වෙනවා..ඒ නිසා මතක තියා ගන්න මාස 6 ක් දක්වා අනිවාර්යෙන්ම මව් කිරි පමනක්ම දීම ඉතාමත් වැදගත්...ඒත් අද කතා කරන්නෙ ළදරුවාගේ පෝෂණය නෙවෙයි..
එහෙනම් ආයෙත් මාතෘකාවට එමු..
කිරි බෝතලෙන් බීපු අපිට ආයෙත් කිරි බෝතලේ මතක් වෙන්නෙ ජිම් එකේදි..ඒකයි මම අද මාතෘකාව කිරි බෝතලේ කියල නම්..
මම කොළබ 7 ක්‍රීඩා අමාත්‍යoශයේදි research එකක් කලා අපේ රටේ ජාතික මට්ටමේ ක්‍ර්‍රිඩකයන්ගෙ පෝෂන මට්ටම මොන තත්වයෙද කියලා..ඉතින් කුකුලත් අතේ අරන් (උදේ පාන්දරින්) ගිහින් බලනව කොහොමද එයාල exercise කරන්නේ,ආහාර හා බෙහෙත් ගන්නෙ කියලා..දවසක් මමයි මගෙ යාලුව මහීදනුයි (අද ඔහු අප අතර නැත) අපේ ශ්‍රී ලoකා ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයෙක්ගෙ Nutrition states පරීක්ෂා කලා...තත්වය අන්තිමයි..ඔවුන් එයාලට අවශ්‍ය කරන විශේෂ පෝෂණ අවශ්‍යතාවය දන්නෙ නෑ විතරක් නොවේ එලෙස පෝෂක ගන්නෙත් නෑ..
ඉතින් අනිත් අය ගැන කවර කතාද?

මේක කිව්වෙ අපේ රටේ ක්‍රීඩකයන්ගෙ අවශ්‍යතා ගැනත් ටිකක් දැන ගත්තට කමක් නැති හින්දා..

දැන් ඔබට වැදගත් කරුනු බලමු..

පැය කීයක් exercise කරන්නද?
පැය ගනන් ඕනි නෑ..ව්නාඩි 30 ක් හොදටම ප්‍රමානවත්(2 වෙනි ලිපියේ ඇති exercises)

දවස් කීයක්..?

සතියකට අවම දවස් 4ක් වත් පුලුවන් නම් ගොඩක් හොදයි..

Exercise කරද්දි දියර අවශ්‍යතාව ..

අප exercise කරන විට දහඩිය සමග  ඛනිජ අයන විශාල ප්‍රමානයක් සිරුරෙන් ඉවත් වෙනවා..ඔබ ජලය පමනක් පානය කලහොත් ඉවත් වන අත්‍යාවශ්‍ය ඛනිජ නැවත ලබා ගැනීමට නොහැකි වෙනවා..එය සිරුරේ බොහෝ සoකූලතා ඇති වීමට හේතුවක්..ඉතින් ඇග සිහින් වෙන්න කියල exercise කරන්න ගිහින් පස්සෙ කියනව අත් හිරි වැටෙන්වා, කොන්ඩෙ යනව කියලා..
එහෙනම් exercise කිරීමේදී ජලය විශාල ප්‍රමානයක් බොන්නෙ නැතුව පලතුරු යුෂ ටිකක් (lemon juice etc) අද ඉදලවත් බොන්න..එවිට සoකූලතා එන්නෙ නෑ..

ඊ ලග ප්‍රශ්නෙ exercise කරද්දි දියර බොන්න ඕන ප්‍රමානය..?

මෙය ඉතා වැදගත්..මතක තියා ගන්න..ඔබ exercise කිරීමට මිනිත්තු 30 -45 කට පෙර ජලය 500 ml පානය කරන්න.එය ඔබේ සිරුර hydrate වීමට උපකාරී වේ.
ඉන් අනතුරුව exercise කරන අතර තුර දියර 150 ml බැගින් පැය කාලකට වරක් පානය කරන්න..ඔබට පිපාසය දැනීමට පෙර පානය කිර්‍රිම සුදුසුය..
ඉන් පසු exercise කිරීමෙන් අනතුරුව කාබොහයිඩ්‍රට් හා ලවන අඩoගු ඉහත දැක් වූ දියරයක් පානය අනිවාර්‍ය වේ..තේ හා කෝෆි පානය කිසි විටක නොකල යුතුය..වැඩි දෙනෙක් නොදැනුවත්ව මෙම වරද කරයි.

Exercise කරන අතර තුර ඔබේ කිරි බෝතලය (SUPPLEMENT) පානයෙන් වැලකිය යුතුය..

දිග වැඩි නිසා ඉතිරි විස්තර තවත් ලිපියකින් හමු වෙමු..

එතෙක් ඔබට නිරෝගිමත් දිනයක්..

මතු සම්බන්දයි..

No comments:

Post a Comment