අද මාතෘකාව අමුතු නමකින් පටන් ගන්න හිතුන..මොකද මගේ පලවෙනි article එක කියවපු අයගෙන් 12 දෙනෙක් ම මට එවලා තිබුන BMI එකයි waist circumference එකයි වැඩියි මොනවද කරන්න ඕනි කියලා..
ඉතින් මුල්ම ආර්ටිකල් එකේ කිව්ව විදියටම අපි කොහොමද නිරෝගිමත් සිහින් සිරුරක් පවත්වා ගන්නෙ කියල අද බලමු..
එදා මම කිව්ව slim body එකක් නිවැරදි ආකාරයට පවත්වා ගන්න නම් ආහාර පාලනය වගේම ශාරීරික ව්‍යායාමත් අත්‍යවශ්‍යයි කියල..
ඒත් සමහරු එවල තිබ්බ එච්චර දගලන්න ඕනි නෑ..diet කලා නම් හරිනෙ කියලා..ඒ නිසා diet කිරීම ගැන පොඩ්ඩක් කියලම මාතෘකාවට යන්න හිතුවා..
Slim වීම සදහා diet කිරීම (meal skipping)
අද කාලෙ විශේෂයෙන්ම තරුණියන් diet කිරීම trend එකක් කරන් තිබෙනව කියලා පොඩ්ඩක් සමාජයට කන් දුන්නොත් දැන ගන්න පුලුවන්.. නමුත් Meal skipping (ආහාර වේල් මගහැරීම) කිසිම විටක නොකල යුතුයි. පැහැදිලිවම එය දීර්ඝ කාලීන හා කෙටි කාලීන රෝගාබාද ගනනාවකට අත වැනීමක්..
ඒ වෙනුවට diet plan එකකට අනුව ආහාර ගැනීමයි ඔබ කල යුත්තේ..
නැවතත් මාතෘකාවට එමු..
Slim වෙන්න exercise...
අද ජිම් යන එකත් trend එකක්..මo එහෙම කියන්නෙ අද හැමෝම ජිම් ගියත් ඇග නම් slim නෑ..
ඒත් ජිම් එකකට යන්නෙ නැතුවම ගෙදරදිම සිහින් නිරෝගිමත් සිරුරක් හදා ගන්න එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් කියනව නම් බඩේ ටයර් ටික නැති කරන් හොද fit ඇගක් හදා ගන්න exercise තමයි මේ..
ඔබට කරන්න තියෙන්නෙ පොඩි movement 10 ක් විතරයි..
මේ exercise ගැන යුරෝපීය exercise instructor කෙනෙක් වන krista stryker පරීක්ෂන මගින් තහවුරු කරල තිබෙනවා..
දැන් try කරල බලන්න මේ exercises ටික...
https://www.sheknows.com/health-and-wellness/articles/987633/slim-without-the-gym-the-10-move-home-workout
Exercise කරද්දි මතක තියා ගන්න ඔබ ගන්නා දියර ප්‍රමානය ගැන අවදානය යොමු කිරීම ඉතා වැදගත්..මo එහෙම කියන්නෙ ගොඩක් දෙනෙක් කරන්නෙ exercise කරන අතරතුර වතුර ගොඩක් බොන එක..
ඒත් එසේ කිරීම ඔබගේ ශර්‍රිරයට හානිදායක ප්‍රතිපල රැසක් ගෙන දෙනවා කියලා ඔබ නොදන්නවා ඇති..
එසේ නම් මොනවද බොන්න ඕනි
කොපමන ප්‍රමානයක් දියර බොන්න ඕනිද
ඒ වගේම ආහාර පාලනය කල යුත්තේ කෙසේදැයි සමගින් මීලග ලිපියෙන් හමු වෙමු..
දැනට exercise ටික බලලා තේරුම් ගන්න
එතෙක් ඔබට නිරෝගිමත් දිනයක්..
මතු සම්බන්දයි..
No comments:
Post a Comment