Wednesday, December 28, 2016
බෙහෙත් පෙත්ත..
කසුනි tv එකේ ඇඩ් එකක් ගියා ටැබ්ලට් වර්ගයක් බිව්වම slim වෙනවා කියලා..
මොකද කියන්නෙ බීල බලමුද?
බොමු නිෂා කොහොම හරි කෙට්ටු වෙන්න තමයි මටත් ඕනි...
මේ වගෙ කතාබහ අද සමාජයේ ගොඩාක් අහන්න දකින්න ලැබෙන නිසා මේ මාතකාව ටිකක් කතා කරන්න හිතුවා..
මොකක්ද මේ slim වෙනවා කියන්නේ ?
අද bolywood actress කෙනෙක්ගෙන් පටන් ගත්තම හැමෝටම slim වෙන්න ඕනි කියලා target එකක් තියනව කිව්වොත් හැමෝම එකග වේවි..ඉතින් මේ විදියට slim shape එකකට ඉන්න පුලුවන් නම් හොදයි..නමුත් එහෙම slim වෙන ක්‍රමය නිවැරදි එකක් වෙනව නම් තමයි ඔබට නිරෝගිමත්ව ඉන්න හැකි වන්නේ...
ඔබත් slim ද කියලා මැන ගන්න...
මුලින්ම ඔබේ බර හා උස නිවැරදිව මැන ගන්න..
ඉන් අනතුරුව ඔබේ ඉනේ පලල්ම ප්‍රදේශයේ වට ප්‍රමානය (Hip circumference) හා බඩෙහි නාභිය හරහා වට ප්‍රමානය (waist circumference) මැන ගන්න..
ගැහැනු අයෙකුනම්
waist circumference/ Hip circumference 0.72 ට අඩු නම් ඔබ නිරෝගිමත් slim තරුනියක් වේ..
ඔබ පිරිමි අයෙකු නම් මෙම අනුපාතය 0.95 ට වඩා අඩු විය යුතුය..
මීට අමතරව
waist Circumference කාන්තාවකගේ 75 cm ට අඩු විය යුතු අතර පිරිමියකුගේ 90 cm ට අඩු විය යුතුය..
දැන් ඔබේ බර හා උස පහත සමීකරණයට ආදේශ කරන්න
BMI =බර(kg)/උස(m)2
ඉහත අනුපාතය 18.5- 22.9 අතර පවතී නම් ඔබ නිරෝගිමත් ය...
එසේ නොමති නම් ඔබේ ආහාර පාලනය හා ව්‍යායාම කෙසේ පවත්වා ගත යුතුදැයි මීලග ලිපියෙන් බලාපොරොත්‍තු වන්න.
ඔබට නිරෝගිමත් දිනයක්...
මතු සම්බන්දයි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment