Saturday, March 18, 2017
බඩා
පහුගිය ලිපියෙන් පස්සෙ ගොඩක් අය අහල තිබ්බ ප්‍රස්නයක් තමයි උස යන්න පුලුවන්ද කියන එක. උස යන ක්‍රමේ කෙටියෙන් ලියන්න අමාරු නිසා ඒක මo කොටස් විදියට ලියන්න පොරොන්දු උනා. ඒ පොරොන්දුව ඊලග ලිපි මාලාවෙන් ඉටු කරන්නම්.ඒත් අද ලියන්නෙ බඩ ගැන.
ගොඩක් අයට (කෙට්ටු මහත දෙගොල්ලන්ටම) තියෙන ගැටලුවක් තමයි බඩ ඉදිරියට නෙරල එන එක. ගොඩක් අය කියන එකක් තමයි " මo මහත් වෙන්නෙ නම් නෑ කෑවට බඩ නම් එනව"
ඔබේ පෙනුම විරූපී කරන්න පුලුවන් ඔබේ බඩට.ඒ වගේම ඔබේ ආයුෂ අඩු කරන්නත් පුලුවන් කියල කිව්වොත් පුදුම වෙන්න නම් එපා.
හරි දැන් අපි බලමු මොනවද කරන්න ඕනි කියල
අපේ උදර කුහරයේ වම් පැත්තට වෙන්න මල්ලක් වගේ තියෙනවා ආමාෂය.ඒ මල්ලෙ ඉදන් දිගට බටයක් වගේ තියනව කුඩා බඩවැල .ඊට පස්සෙ මහාන්ත්‍රය නැත්නම් මහ බඩ වැල තියෙනව. ඉතින් මේ දේවල් තියෙන අපේ බඩ ඉදිරියට නෙරන්නෙ කොහොමද?
බඩ නෙරල එන්න හේතු ටිකක් තියෙනව.එකක් තමයි ආමාෂය හා බඩ වැල් වල වාතය එකතු වීම. අනිත් ප්‍රධාන හේතුව තමයි belly fat හා වැරදි ඉරියව්.
ආමාෂය හා බඩ වැලේ වාතය
අපි කන කෑම රටාවෙ වැරදි නිසා තමයි මේක වෙන්නෙ. Burger,hot dog,pizza වගේ Fast food කද්දි මේ විදියට gas accumilation එක වැඩියි.තේරෙන සිoහලෙන් කිව්වොත් බඩ නෙරල එනව වැඩියි මේ වගේ ක්ෂනික කෑම කෑවොත් නම්.එහෙම කාල gym එකේම නැවතුනත් බඩ නම් බහින්නෙ නෑ කියල සහතිකවම කියන්නම්.
Belly fat
Belly dance කියන නැටුම් වර්ගෙ shakira ත් එක්කම ජනප්‍රිය වුනා (උදරය නටවමින් කරන නැටුම් වර්ගයක්).ඒ නැටුම modify වෙලා colombo 7 වල කාන්තාවො zumba dance class කියල උදේට training යනව සල්ලි දහස් ගනන් වියදම් කරල .මොකටද බඩ බස්ස ගන්න. ඒක ටිකකට අමතක කරල බලමු belly fat කියන්නෙ මොකක්ද කියල
මොකක්ද මේ belly fat
අපේ ඇගේ adipose tissue එකේ තමයි fat තැම්පත් වෙන්නෙ.මේ fat කහ පැහැයට අපේ බඩ වටේ මාලයක් වගේ තැම්පත් වෙල තියනව.මේක තමයි belly fat කියන්නෙ.මේ belly fat එක වැඩිනම් හදවත් රෝග වලට අත වැනීමක්.
Fat එක ඇගේ විසිරුනු ආකාරය අනුව apple shape,pears shape කියල බෙදන්න පුලුවන්. Apple shape කියන්නෙ belly fat වැඩියි.pears shape කියන්නෙ ඔබට fat disribution එකෙන් ප්‍රශ්නයක් නෑ. කන්නාඩිය ලගට ගිහින් බලන්න "මo apple ගෙඩියක් වගේද නැත්නම් pears ගෙඩියක් වගේද කියල "
ඔබ apple වගේ නම් ඊලග ලිපිය අනිවාර්‍යෙන් කියවන්න.
belly fat හා ආමාෂයීය වාතය නැතුව ලස්සන ඇගක් හදා ගන්නෙ කොහොමද කියල ඊලග ලිපියෙන් බලමු.
එතෙක් ඔබට නිරෝගී දිනයක්.
මතු සම්බන්දයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment