Sunday, May 7, 2017

හැඩට ඉන්න මැනල කන්න


✔අලුයම නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන්න අමතක කරන්න එපා

✔ කෑම ගොඩක් එක වේලකට කන්නෙ නැතුව කුඩා ආහාර වේල් කිහිපයක් ගන්න

✔ නිතරම පාට පිරුනු කෑම වේලක් ගන්න..(පාට පාට එලවලු,පලතුරු)


✔ දිනපතා ආහාර වේලට එලවලු පලතුරු එක් කර ගන්න. නිතරම නැවුම් එලවලු පලතුරු එක් කර ගන්න.


✔ දවසකට පොල් ගෙඩියෙන් 1/5 කට වඩා කන්න එපා (ඔබේ පවුලෙ පස් දෙනෙකු සිටිනවා නම් දවසකට පොල් ගෙඩියකට වඩා ආහාරයට ගන්න එපා) .එය ඔබේ සිරුර විරූපී වීම හා රෝග වලින් වලකා ලයි.


✔ක්ෂනික ආහාර හා කාබනීකෘත බීම බොන එක අත් හරින්න


✔දිනපතා විනාඩි 20 ක් වත් ශ්වසන අභ්‍යාස වල යෙදෙන්න.


✔ ඔබ ලෙඩ කරන ආතතියෙන් මිදෙන්න

✔රස ගැන සොයනවාට වඩා පෝෂන ගුනය ගැන හිතන්න පුරුදු වෙන්න

✔ වෙලාවට කන එක පුරුද්දක් කර ගන්න

වැඩි විස්තර මුල් ලිපිවල තියෙනව..ඒවත් බලනව වගේම ඒව පිලිපදින්නත් අමතක කරන්න එපා.

ඔබට නිරෝගිමත් දවසක්.. :-) :-) :-)