Thursday, April 27, 2017

බඩා දෙවෙනි කොටස



බඩා පලවෙනි කොටසෙදි අපි කතා කලා බඩ නෙරල එන්න පුලුවන් හේතු මොනවද කියල. අද අපි බලමු කොහොමද බඩ නෙරල එන එක වලක්ව ගන්නෙ කියල.

ඊට කලින් පහුගිය ලිපියට අදාලව ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයකටත් උත්තර දීල හිටියනම් හොදයි කියල හිතුන

1. කොහොමද apple ද pears ද කියල හොයා ගන්නෙ ?
මo පලවෙනි ලිපියෙ(බෙහෙත් පෙත්ත) කියල තියෙනව පිරිමි හා ගැහැනු අයට වෙන් වූ W/H අනුපාතයන්.ඒ අගයන් වැඩිනම් ඔබ අනිවාර්‍යෙන් apple.ඒ අගය අඩුනම් ඔබට මo pears කියල සතුටු වෙන්න බෑ. Pears වෙන්න නම් ඔබේ BMI අගය හා W/H අනුපාතය නිවැරදි පරාසයේ තියෙන්න ඕනි.දැන් අහන්න එපා ඒ පරාසයන් මොනවද කියල.ඒක මුල් ලිපිවල තියෙනව.

හ්ම්ම්ම්. එහෙනම් අපි බලමු කොහොමද බඩ බස්සන්නෙ කියල.

බඩ නෙරල එන්න ප්‍රධාන හේතු 3ක් කිව්ව. එහෙනම් බඩ බස්සන්නත් ඒ ප්‍රධාන ගැටලු 3 ටම පිලියම් යොදන්න ඕනි. (එහෙමනැතුව මේ දවස් වල tv එකේ ලොකූවට ad යන බද පටි වර්ග බඩේ ගැටගහගෙන බඩ අඩු කරන එක හීනයක් තමයි.)

එහෙනම් මේ පියවර 3 හොදට මතක තියා ගන්න.

1.ආමාෂයේ හා අන්ත්‍රයේ (බඩවැලේ) වාතය එක් වීම වැලක් වීම

සෑම ආහාරයක් එක්කම වාතය එක් වීමත් වෙනව.ඒත් ක්ෂනික කෑම (burger,hot dog,pizza) වලින් මේ වාතය එක් වීම වැඩියි. ඒ නිසා ඔබේ ඉලක්කය බඩ අඩුකර ගන්න එක නම් මුලින්ම ක්ෂනික කෑම කන එක නවත්වන්න.

අනිත් දේ තමයි කාබනීකෘත බීම (pepsi, cola..)වගේ දේවල් බොන එක.මේකෙන් වෙන්නෙ කාබන්ඩයොක්සයිඩ් වායුව එක් රැස් වෙල බඩ ඉදිරියට නෙරල එන එක. මීට අමතරව ඔබ තරබාරු වෙන්නත් මේ බීම හේතුවක්.

ඒ වගේම අනිත් මූලික හේතුවක් තමයි ගොඩක් කොල්ලන් හා සමහර කෙල්ලන් බොන බියර් එක.ඒ නිසා පුලුවන් තරම් බියර් වලින් වැලකෙන එක තමයි යෝග්‍ය.

පොඩි පොඩි කෑම වේල් ගන්න පුරුදු වෙන්න. ලොකු කෑම වේල් ගන්නව නම් බඩ (ආමෂය) ප්‍රසාරනය වෙලා gas accumilation වැඩි වෙනව..ඒ වගේම insulin spike එකත් වැඩි වෙනව.

ඒ වගේම ඔබ බබල් ගම් හපන්න පුරුදු වුන කෙනෙක් නම් ඒ පුරුද්ද සදහටම නවත්තන්නත් අමතක කරන්න එපා. චූටි බබල්ගම් එකකට ඔබට ලොකු බඩක් දෙන්න පුලුවන් කියල මතක තියා ගන්න.
අනිත් දේ තමයි දුම් පානයෙන් වැලකෙන්න.

මෙන්න මේ හේතු නිසා තමයි ඔබේ බඩේ වාතය එක් වෙන්නෙ.මේ ටික වලක්ව ගත්තොතින් බඩ නෙරල එන එක හේතුවක් වලක්ව ගත්ත වෙනව.

හ්ම්ම් ලිපිය දිග වැඩි නිසා අනිත් හේතු 2   ඊලග ලිපියෙන් බලමු

එහෙනම් එතෙක් මේ ටික කරන්න

* උදේ නැගිටපු ගමන් ඇල් ජලය වීදුරුවක් බොන්න

*පොඩි කෑම වේල් කිහිපයක් ගන්න (කන ක්‍රමය 4 වෙනි ලිපියෙ කියල තියෙනව)

* ක්ෂනික කෑම කන්න එපා

* කාබනීකෘත බීම බොන්න එපා

* දුම් පානයෙන් හා බියර් වලින් වලකින්න

* බබල් ගම් (chewing gum) හපන්න එපා.

* ආහාර ගෙන විනාඩි 30 ක් වත් ගතවන තුරු වාඩි වී ඉන්න එපා

ඉතිරි හේතු 2ත් සමග හමුවන තුරු ඔබට නිරෝගී දිනයක්..

නවෝද් නිපුන් විජේතුoග